May 07, 2024

මිරිස්ස ධීවර වරාය හරිත ධීවර වරායක් වෙයි

December 26, 2015

ධීවර සහ සංචාරක කර්මාන්ත ක්ෂේත්‍රයේ තිරසර බව ගොඩනැගීමේ අරමුණින් මිරිස්ස ධීවර වරාය හරිත ධීවර වරායක් බවට පත් කිරීමට රජය තීරණය කර තිබේ.

මෙරට ධීවර කර්මාන්තය ජාත්‍යන්තර ප්‍රමිතියකට නැංවීමේ දී හරිත ධීවර වරායන්ගේ අවශ්‍යතාවය හඳුනා ගනිමින් රජය මෙම පියවර ගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව මිරිස්ස ධීවර වරාය හරිත ධීවර වරායක් බවට පත් කිරීම සඳහා රුපියල් මිලියන 30.4 ක අරමුදලක් ගොඩ නැගීමට රජය පියවර ගෙන තිබේ. ඒ සඳහා දේශීය ආයෝජනයක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත. 

සමුද්‍රීය පරිසර ආරක්ෂක අධිකාරිය සකස් කළ නිර්ණායකවලට අනුව මෙම හරිත ධීවර වරාය ගොඩනැගෙනු ඇතැයි වාර්තා වේ.

Rate this item
(0 votes)