May 07, 2024

විරැකියා අනුපාතය සියයට 5ක්

December 24, 2015

2015 වර්ෂයේ තුන්වන කාර්තුවේ විරැකියා අනුපාතය සියයට 5ක් වන බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

ශ්‍රී ලංකා ශ්‍රම බල සමීක්ෂණ වාර්තාවට අනුව මේ වසරේ තුන්වන කාර්තුවේ වයස අවුරුදු 15ත් 24ත් අතර විරැකියා අනුපාතය සියයට 22.9ක් වන බව වාර්තා වේ.

මේ වසරේ තුන්වන කාර්තුවේ ආර්ථික වශයෙන් ක්‍රියාශීලි ජනගහණය මිලියන 09ක් පමණ වන අතර ඉන් සියයට 64.5ක් පුරුෂයින්ය.

2015 වසරේ තුන්වන කාර්තුව සඳහා කරන ලද ඇස්තමේන්තුව අනුව රැකියාවක නිරත පුද්ගලයින් සංඛ්‍යාව මිලියන 8.5ක් වන අතර ඉන් සියයට 45.5ක් සේවා අංශයටද, සියයට 27.2ක් කර්මාන්ත අංශයටද, සියයට 27.4ක් කෘෂිකාර්මික අංශයටද අයත් බව වාර්තා වෙයි.

සමීක්ෂණ වාර්තා අනුව වැඩකරන ජනගහණයෙන් සියයට 67ක් පමණ සතියකට පැය 40කට වඩා වැඩකරන බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

 

Rate this item
(0 votes)