April 27, 2024

මෙරට ආයෝජන අවස්ථා පිළිබඳ දැනගන්න..

ශ‍්‍රී ලංකාව තුළ විදේශ ආයෝජන ප්‍රවර්ධනය කිරීමේ අරමුණක් ලෙස ශ‍්‍රී ලාංකික
සංචාරක මග පෙන්වන්නන් දැනුවත් කිරීමේ පුහුණු පාඨමාලාවක් ආරම්භ කිරීමට
පියවර ගෙන ඇත.

ශ‍්‍රී ලංකාවට සංචාරකයින් වශයෙන් පැමිණෙන බොහෝ පිරිස් ශ‍්‍රී ලංකාව තුළ  ආයෝජන
අවස්ථා පිළිබඳ විමර්ශනය කරන්නන් ලෙස සහ තම මව් රටවල වෙසෙන
ආයෝජකයින්ට තොරතුරු සපයනනන් ලෙස කටයුතු කරන පිරිස් ලෙස සිදු කරන ලද
නිරීක්ෂණයන් තුළින් හෙළි වී තිබේ.

ඔවුන් සමග නිරන්තරයෙන් කටයුතු කරන ශ‍්‍රී ලාංකික සංචාරක මග පෙන්වන්නන්ව
රටේ පවත්නා ආයෝජන හා ව්‍යාපාරික අවස්ථා පිළිබඳ දැනුවත් කරමින් ඒ සඳහා
බල ගැන්වීම අපේ රටට වැඩි වැඩියෙන් විදේශ ආකර්ෂණය දිනා ගැනීම
සඳහා උපකාරී වන අතර මෙලෙස ඔවුන් දැනුවත් කිරීම මෙම වැඩමුළුවේ
ප‍්‍රධාන අරමුණ බව ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ප‍්‍රවර්ධන නිලධාරීන් පෙනවා දෙයි.
 
මේ සඳහා සහභාගී වන සංචාරක මග පෙන්වන්නන්ට ශ‍්‍රී ලංකාවේ ඇති ආයෝජන අවස්ථා
පිළිබඳ දැනුම, රජයේ දිරි ගැන්වීම් හා විදේශ ආයෝජන සඳහා වූ ප‍්‍රතිපත්ති උපදේශන
ලබා දීමට නියමිතය.

සංචාරක මග පෙන්වන්නන් හා අදාළ අනෙකුත් වෘත්තීන්හි නියැලෙන්නන් සඳහා
එක් දින වැඩමුළුවක් ලෙස මෙය ජුනි මස 21 වන දින පෙ.ව. 8.30 සිට ප.ව. 6.00 දක්වා
කොළඹ විශ්වවිද්‍යාලීය ප‍්‍රධාන පුස්තකාලයේදී පැවැත්වේ.

මෙම වැඩමුළුවේ සම්පත් දායකයින් ලෙස ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අදාළ
ප‍්‍රවර්ධන නිලධාරීන්, ශ‍්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සහ
විශ්වවිද්‍යාල කථිකාචාර්යවරු සහභාගී වනු ඇත.
වැඩසටහන සාර්ථක ලෙස නිම කරන අයට කොළඹ විශ්වවිද්‍යාලීය ආර්ථිකවිද්‍යා අංශය
මගින් වටිනා සහභාගිත්ව සහතිකයක් පිරිනමනු ඇත.
 
මේ සඳහා සහභාගීවීමට උනන්දුවක් දක්වන අයට අවශ්‍ය තොරතුරු
රුසියානු සංචාරක මාර්ගෝපදේශක කථිකාචාරයවරුන්ගේ සංගමයේ සභාපති
අසංක සේනානායක (0718716755) මහතා ඇමතීමෙන් හෝ 011258266 හෝ
0716060995 යන දූරකතන අංකවලට ඇමතීමෙන් ලබා ගත හැකිය.

Rate this item
(0 votes)