May 07, 2024

නව දුම්රිය එන්ජින් 12 ක් 

December 18, 2015

නව දුම්රිය එන්ජින් 12 ක් සහ බලවේග කට්ටල 09 ක් මිල දී ගැනීමට කැබිනට් අනුමැතිය හිමි වූ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.  

2014 වර්ෂයේ පත් කළ නිළධාරී කමිටුවක් විසින් වසර 10 ක් සඳහා වූ ප්‍රසම්පාදන සැලැස්මක් සකස් කර ඇති අතර  එම කම්ටුවේ නිර්දේශ අනුව මෙම තීරණය ප්‍රවාහන අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.

පාර්ලිමේන්තු සංකීර්ණයේ ඊයේ (17) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරයා මේ බව පැවසී ය.

Rate this item
(0 votes)