May 09, 2024

සිව්වැනි වරටත් සම්පත් බැංකුව 'ද බෑන්කර්' සම්මානයෙන් පිදුම් ලබයි 

December 16, 2015

ලන්ඩනයේ 'ෆයිනෑන්ෂල් ටයිම්ස්‌' (Financial Times) සඟරාව මගින් පිරිනමනු ලබන 'ද බෑන්කර්' (The Banker) සම්මානය සිව් වැනි වරටත් හිමිකර ගැනීමට සම්පත් බැංකුව පසුගිය දා සමත් විය. 

අභියෝගාත්මක කාලපරිච්ඡේදයක්‌ තුළ බැංකුව පෙන්නුම් කළ ඉහළ මට්‌ටමේ ක්‍රියාකාරීත්වය හේතුවෙන් මෙම සම්මානය සම්පත් බැංකුවට හිමි වී ඇත. 

බැංකුකරණ ක්‌ෂේත්‍රයේ ඉහළම සම්මානයක්‌ ලෙස සැලකෙන 'ද බෑන්කර්' සම්මානය එම ක්‌ෂේත්‍රය තුළ අවදානම් - සංවේදී ප්‍රවේශය, ශක්‌තිමත් කළමනාකරණය සහ බැංකුකරණ ක්‍රමවේද ක්‍රියාත්මක කිරීමේ දී පෙන්නුම් කරන විශිෂ්ඨත්වය ආදිය ඇගයීමට ලක්‌ කරයි.

 

Rate this item
(0 votes)