May 09, 2024

සවාරියේ යන නෞකාවක් හම්බන්තොට වරායේ

December 15, 2015

යුරෝපයට අයත් විශේෂ මගී ප්‍රවාහන නෞකාවක් ඊයේ (14) හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාතන්තර වරායට පැමිණ තිබේ.

මගින් 380 දෙනෙකු රැගෙන පැමිණි MS EUROPA නමැති මෙම නෞකාව ලෝක සාවරියේ යෙදෙන විදේශිකයින් රැගෙන ජර්මනියේ සිට පැමිණ ඇත.

පැමිණි විදේශිකයන් අතරින් 200 කට අධික පිරිසක් යාල, උඩවලව කතරගම, බුන්දල ආදී ප්‍රදේශයන්හි සංචාරයේ නිරත වී තිබේ.

මාස 06 කට අධික කාලයක් මෙම නෞකාව ලෝක සාවාරියේ යෙදෙන අතර ජර්මනියෙන් ආරම්භ වී ඩුබායි, මාලදිවයින, ඉන්දියාව, ශ්‍රී ලංකාව, සිංගප්පූරුව, තායිලන්තය, පිලිපීනය, නවසීලන්තය, සැන්ප්‍රන්සිස්කෝ, මියාම්, ෆ්ලෝරා, හැම්බර්ග්වලින් අනතුරු ව නැවත ජර්මනියට යාමට නියමිතයි.

එමන්ම මෙම නෞකාව ශ්‍රි ලංකාවේ දින 02 ක් නතර කර තිබේ.

හම්බන්තොට - රාහුල් සමන්ත හෙට්ටිආරච්චි 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 15 December 2015 14:14