May 09, 2024

ඇසුරුම් කළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා උපරිම මිලක් 

December 12, 2015

මෙවර අයවැය මගින් ප්‍රකාශයට පත්කළ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල උපරිම මිල සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරිය පැහැදිලි කිරීමක් සිදු කර තිබේ. 

ඒ අනුව එම අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇසුරුම් කළ විට අලෙවි කළ හැක්කේ රුපියල් 05 ක උපරිම වෙළෙඳ වාසියක් සහිතව ය. ඒ අනුව ඇසුරුම් කළ වියළි හාල්මැස්සන් කිලෝවක් රුපියල් 415 කටත්, පරිප්පු කිලෝග්‍රෑමයක් රුපියල් 174 කටත් අලෙවි කළ යුතු වේ. 

ඊට අමතර ව ඇසුරුම් කළ කට්ටා කරවල කිලෝග්‍රෑමයක් රුපියල් 1105 කටත්, සාලයා කරවල කිලෝග්‍රෑමයක් රුපියල් 430 කටත්, කඩල කිලෝග්‍රෑමයක් රුපියල් 174 කටත් අලෙවි කළ හැකි ය. 

සම රහිත ශීත කළ බොයිලර් කුකුළු මස් කිලෝග්‍රෑම් එකක් අලෙවි කළ හැක්කේ රුපියල් 480 කට ය. මෙම මිල ගණන් ඉකුත් 10 වැනි දා සිට ක්‍රියාත්මකවන අතර ඊට අදාළ ගැසට් පත්‍රය ද මේ වනවිට ප්‍රකාශයට පත් කර තිබේ.

 

Rate this item
(0 votes)