May 08, 2024

ඉන්දියා වෙළෙඳ ප්‍රදර්ශනය කොළඹ දී

December 11, 2015

ඉන්දියා නිෂ්පාදන සහ සේවා ඇතුළත් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන විශාලතම ඉන්දීය වෙළෙඳ ප්‍රදර්ශනය කොළඹ ඩී.ආර්.විජයවර්ධන ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ දී පැවැත් වේ.

ඉන්දියා මහ කොමසාරිස් කාර්යාලය සහ ඉන්දියාවේ වෙළෙඳ අමාත්‍යංශයේ රාජ්‍ය ව්‍යවසාය ප්‍රවර්ධන සංගමය එක් ව මෙය සංවිධානය කරයි. 

සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම ශ්‍රී ලංකාවේ ඉන්දියා මහ කොමසාරිස් වයි.කේ. සිංහා යන මහත්වරු එම ප්‍රදර්ශනය විවෘත කළහ.

ඉංජිනේරු භාණ්ඩ, යටිතල පහසුකම්, ඉදිකිරීම් භාණ්ඩ, රෙදිපිළි හා නිමි ඇඳුම්, ස්වර්ණාභරණ ඇතුළු නිෂ්පාදන රාශියකින් යුත් ප්‍රදර්ශන කුටි 100කට වැඩි ප්‍රමාණයකින් යුත් මෙම ප්‍රදර්ශනය 12 වැනි දා තෙක් පැවැත් වේ.

 

Rate this item
(0 votes)