May 09, 2024

මිරිදිය මත්ස්‍ය සම්පත දෙගුණයකින් වැඩි කෙරේ 

December 10, 2015

ඉදිරි වසර 04 ඇතුළත මිරිදිය මත්ස්‍ය සම්පත දෙගුණයකින් වැඩි කරන බවත්, අභ්‍යන්තර ජලාශ සියල්ල තුළ මත්ස්‍ය වගා ඇති කිරීමට කටයුතු කරන බවත් ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කරයි.

ධීවර අමාත්‍යාංශ වැය ශීර්ෂය යටතේ අදහස් දක්වමින් ඊයේ (09) පාර්ලිමේන්තුවේ දී අමාත්‍යවරයා මේ බව පැවසී ය.

එමෙන්ම ඉදිරි වසර තුළ මඩකලපුව ප්‍රදේශයේ හෙක්ටයාර දහසක ඉස්සන් සහ මසුන් අභිජනන මධ්‍යස්ථානයක් ඇති කරන බවත්, යුරෝපා මත්ස්‍ය තහනම ඉවත්වේවි යැයි බලාපොරොත්තුවන බවත් හෙතෙම ප්‍රකාශ කළේ ය.

එමෙන්ම ජාත්‍යන්තර මුහුදේ මත්ස්‍ය සම්පත නෙළා ගැනීමට අඩි 45 ට වඩා විශාල යාත්‍රා ජාත්‍යන්තර මුහුදට ඇතුළත් කිරීමට කටයුතු කරන ලෙස තමා මෙරට ධීවර ප්‍රජාවගෙන් ඉල්ලා සිටින බවත්, එමගින් වැඩි මාළු අස්වැන්නක් රටට ගෙන්වා ගැනීමට හැකි බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.

එමෙන්ම දිවයිනම ආවරණයවන පරිදි 2016 වසරේ දී ධීවර වරායන් 06 ක් ඇති කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

 

Rate this item
(0 votes)