May 02, 2024

සංචාරක පැමිණීමේ වර්ධනයක්

December 08, 2015

2015 වසරේ නොවැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණි විදේශ සංචාරකයින් සංඛ්‍යාව 20.4% 4 කින් වර්ධනය වී තිබේ.

සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ සංඛ්‍යා ලේඛනවලට අනුව නොවැම්බර් මාසයේ ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව එක්ලක්ෂ 44,147 කි. 

ඒ අනුව මේ වසරේ ජනවාරි සිට නොවැම්බර් දක්වා ශ්‍රී ලංකාවට මිලියන 1. 6 ක සංචාරකයන් පැමිණ ඇති අතර එය පෙර වසරට සාපේක්ෂව සියයට 13.7 ක වර්ධනයක් ලෙස සැලකිය හැකි ය. 

ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයන් පිරිසක් එනම්, මුළු සංඛ්‍යාවෙන්  31% ක්ම පැමිණ ඇත්තේ බටහිර යුරෝපීය රටවලිනි. 

දකුණු ආසියාවෙන් පැමිණි සංචාරක ප්‍රතිශතය 25 %ක්වන අතර චීනයෙන් පැමිණි සංචාරකයින්ගේ සංඛ්‍යාව 69% කින් පමණ වර්ධනය වී තිබේ.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 08 December 2015 09:00