May 02, 2024

තේ අස්වැන්න වසර 03 කින් අවම අගයකට 

December 07, 2015

අධික වර්ෂාපතනය සහ ලෝක වෙළෙඳපොලේ තේ මිල පහත වැටීම හේතුවෙන් 2015 වසරේ මෙරට තේ අස්වැන්න වසර 03 කින් අවම අගයට පැමිණ තිබේ.

ඔක්තෝම්බර් මාසයේ තේ අස්වැන්න කිලෝග්‍රෑම් මිලියන 26.7 ක් වූ අතර එය 2014 වසරට වඩා 5% ක අඩුවීමකි. 

ජනවාරි සිට ඔක්තෝම්බර් දක්වා ශ්‍රී ලංකාව තේ කිලෝග්‍රෑම් මිලියන 279.8 ක් නිෂ්පාදනය කර තිබේ. එය ද පසුගිය වසරට වඩා 1.14% ක පහත වැටීමක් බව තේ තැරැව්කාර සමාගම් පෙන්වා දෙයි.

විශේෂයෙන් පසුගිය මැයි මාසයේ සිට මෙරට තේ ඵලදාව පහත වැටී තිබේ.

 

Rate this item
(0 votes)