May 20, 2024

ශ්‍රී ලංකන් ගොඩයන්න අවුරුදු පහක් ඉල්ලයි

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සේවය කාර්යක්ෂම හා ලාභ ලබන තත්ත්වයට ගෙන ඒම සඳහා පස් අවුරුදු සැළැස්මක් ක්‍රියාත්මක කරන අතර ඒ සඳහා 2014 සිට 2020 දක්වා කාලය ඇතුළත් වන බව සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා පවසයි.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අමතරව ශ්‍රී ලංකාව වෙත ගුවන් සේවා 30ක් ගුවන් ගමන් මෙහෙයවනු ඇත. ශ්‍රී ලංකන් ගුවන් සමාගම කොළඹ සිට විවිධ ගමනාන්ත දක්වා සතියකට ගුවන් ගමන් වාර 242ක් සිදු කරන බව ද ඔහු සඳහන් කළේය.

අමාත්‍යවරයා ඊයේ (18) පාර්ලිමේන්තුවේදී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලෙස මේ බව පැවසීය.

 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 19 March 2014 12:01