May 02, 2024

'මල්බෙරි රෙසිඩන්ස්' නමින් කුලුනු 3 කින් යුත් නිවාස සංකීර්ණයක් 

December 06, 2015

පෞද්ගලික අංශයේ උපදේශන හා සංවර්ධන සමාගමක් වන Steradian Capital සමාගම මේ වනවිට සහනදායී මිලකට ලබාගත හැකි නිවාස සංකීර්ණ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා කටයුතු සැලසුම් කර තිබේ. 

‘මල්බෙරි රෙසිඩන්ස්’ ලෙස නම්කර ඇති මෙහි සමාරම්භක උත්සවය පසුගියදා කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්විණ.

උසස් තත්ත්වය හා තිරසාරත්වයට මූලිකත්වය ලබාදෙමින් ඉදිකරනු ලබන මෙම නිවාස සංකීර්ණය කොළඹ 09 ප්‍රදේශයේ ඉදිකරනු ලැබීමට නියමිත වේ. මහල් 15 බැගින් වූ කුලුනු 3 කින් යුක්ත මෙම නිවාස සංකීර්ණයේ කුලූනු බිම් මට්ටමේ සිට දෙවැනි මහල දක්වා විශේෂ වේදිකාවකින් සම්බන්ධ වී පවතින අතර මෙම වේදිකාව රථවාහන නවතා තැබීම සඳහා භාවිතා වනු ඇත.

3 වන මහලේ සිට 13 වන මහල දක්වා නිවාසවලින් සමන්විත වන මෙම ව්‍යාපෘතිය 2018 ජනවාරි මාසය අවසාන වනවිට ඉදිකර අවසන් කිරීමට අපේක්ෂා කෙරේ. පවතින ඉඩකඩින් උපරිම ප්‍රයෝජන ගත හැකි පරිදි සැලසුම් කර ඇති මෙය නිදන කාමර 2 ක් හෝ 3 ක් සහිත, වර්ග අඩි 1,000 සිට 1,600 දක්වා වන නිවාසවලින් සමන්විත වනු ඇත.

Rate this item
(0 votes)