May 02, 2024

කොටස් වෙළඳපොලේ සුළු වර්ධනයක් 

December 04, 2015

අඛන්ඩව දින 6 ක් තිස්සේ කොටස් මිල පහත වැටීමෙන් අනතුරු ව කොළඹ කොටස් වෙළඳපොලේ මිල දර්ශක ඊයේ (03) දිනයේ සුළු වර්ධනයක් පෙන්නුම් කර තිබේ.

සමස්ත දර්ශකය දිනය අවසන දී 6880 ක් ලෙස සටහන් වූ අතර, එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා ටුවෙන්ටි දර්ශකය සටහන් වූයේ 3647 ක් ලෙස ය.

කොළඹ කොටස් වෙළඳපොලේ ඊයේ දිනයේ මුළු පිරිවැටුම රුපියල් බිලියන 1.2 කි. සමාගම් 65 ක කොටස් ඊයේ දිනයේ ඉහළ ගිය අතර, 75ක කොටස් මිල පහත වැටුණි. 

Rate this item
(0 votes)