May 02, 2024

කොළඹ කොටස් වෙළෙඳපොළ 30 වැනි වසර සමරයි

December 03, 2015

කොළඹ කොටස් වෙළෙඳ පොළේ 30 වැනි සැමරුම් උත්සවය ඊයේ (02) කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ කොටස් වෙළෙඳ පොළ පරිශ්‍රයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් විය.

මෙම අවස්ථාවට මුදල් අමාත්‍ය රවි කරුණානායක, අමාත්‍යවරුන්වන එරාන් වික්‍රමරත්න, නිරෝෂන් පෙරේරා, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපති තිලක් කරුණාරත්න, කොටස් වෙළෙඳපොළ සභාපති වජිර කුලතිලක හා ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක, මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් යන මහත්වරු සහභාගි වූහ.

එහි දී අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියේ 6.5% ඉක්මවන ආර්ථික වර්ධනයක් ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බවයි. එය ඉදිරි වසරවල 8% ක හෝ 9% ක උපරිමයකට යා හැකි බව ද හෙතෙම විශ්වාස කළේ ය. එය අමාරු කාර්යයක් වුවත්, කළ හැකි කාර්යයක් බවද අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේ ය. ඒ අනුව, 2030 වනවිට ඉහළ ආදායම් ලබන රටක් බවට ශ්‍රී ලංකාව පත්කළ හැකි බව ද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.

 

Rate this item
(0 votes)