May 02, 2024

මොබිටෙල් සමාගම යෝජිත පවරා ගැනීම ගැන පැතිරෙන ඇතැම් වාර්තා ප්‍රතික්ෂේප කරයි 

December 01, 2015

මොබිටෙල් සමාගම විසින් සලකා බලමින් සිටින පවරා ගැනීමක් සම්බන්ධයෙන් මේ දිනවල මුද්‍රිත හා විද්‍යුත් ජනමාධ්‍ය ඔස්සේ විවිධ මත සහ පූර්ව නිගමන පළ වෙමින් පවතී. 

එහිදී පවරා ගැනීම සඳහා නිසි වටිනාකමට වඩා ඉහළ ගෙවීමක් සිදු කිරීමට සූදානම්වන බවට පැතිරී ඇති ඇතැම් වාර්තා මොබිටෙල් සමාගම ප්‍රතික්ෂේප කර සිටී. 

තම ක්‍රමෝපායික ආයෝජන සැලැස්මට අනුව මෙරට තමන් සතු වෙළෙඳපොළ ප්‍රමාණය සහ වත්කම් පදනම පුළුල් කර ගැනීම සඳහා දේශීය දුරකතන සේවා සමාගමක් පවරා ගැනීමට තමන් අවධානය යොමුකර ඇති බවට මොබිටෙල් (පෞද්ගලික) සමාගම නිවේදනය කර තිබේ.

මේ වනවිට එවැනි පවරා ගැනීමක් සඳහා අනුගමනය කළ යුතු මූලික ක්‍රියාවලීන් අනුගමනය කරමින් සිටින බවත්, තවම ඒ සම්බන්ධ අවසන් තීරණයකට එළැඹ නොමැති බවත් එම සමාගම තවදුරටත් ප්‍රකාශ කරයි.

Rate this item
(0 votes)