May 02, 2024

විදාතා හරිත කඩමණ්ඩිය - 2015 26 ඇරඹේ

November 25, 2015

''විදාතා හරිත කඩමණ්ඩිය - 2015'' නිෂ්පාදන අලෙවිය හා ප්‍රදර්ශනය නොවැම්බර් 26, 27 හා 28 තෙදින පෙරවරු 10.00 සිට පස්වරු 06. 00 දක්වා පැවැත් වේ.

වෙළෙඳ කුටි රැසක් සමගින් කාර්මික තාක්ෂණ ආයතන(ITI) පරිශ්‍රයේ දී එය පැවැත්වෙන අතර සෑම වසරකම නොවැම්බර් 10 වන දිනට යෙදෙන ලෝක විද්‍යා දිනය සඳහා මෙවර තේමාව වී ඇත්තේ ''තිරසාර අනාගතයක් සඳහා විද්‍යාව'' යන්නයි. 

''විදාතා හරිත කඩමණ්ඩිය - 2015'' මගින් විදාතා ව්‍යවසායකයින්ට වෙළෙඳපොළ අවස්ථා ලබාදෙන අතර වස විසෙන් තොර ගුණාත්මක නිෂ්පාදන පාරිභොගිකයා වෙත ලබා ගැනීමට අවස්ථාව එමගින් උදා වේ. 

කෘතිම රසකාරක හා කල්තබා ගැනීමේ ද්‍රව්‍යයන්ගෙන් තොර දේශීය ආහාර පාන වර්ග, දේශීය අත්කම්, පරිසර හිතකාමී නිෂ්පාදන, දේශීය තාක්ෂණික මෙවලම් හා නවෝත්පාදන ආදී නොයෙකුත් දේ මිල දී ගැනීමට හා දැකබලා ගැනීමට නොවැම්බර් 26, 27 හා 28 යන තෙදින කාර්මික තාක්ෂණ ආයතන පරිශ්‍රයේ දී මහජනයාට අවස්ථාව සලසා තිබේ. 

විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය විසින් වාර්ෂික ව සංවිධාන කරන විදාතා හරිත කඩමණ්ඩිය තුළින් අමාත්‍යාංශයේ තාක්ෂණ හා පැවරුම් අංශය යටතේ ක්‍රියාත්මක වන විදාතා වැඩසටහන් මගින් ලබාදෙනු ලබන තාක්ෂණය උපයෝගී කරගෙන දැනට ව්‍යාපාර ආරම්භ කර ඇති පිරිස සඳහා වෙළෙඳපොළ අවස්ථාවන් සැළසීමත් ජනතාවට වස විසෙන් තොර ආහාර ලබාදීම හා වෙළෙඳපොළ පහසුකම් සැපයීමත් අරමුණු කෙරේ.

Rate this item
(0 votes)