May 06, 2024

වස විසෙන් තොර දේශිය සහල් සඳහා දිරි දීමනාවක්

November 22, 2015

වස විසෙන් තොර, දේශිය සහල් නිෂ්පාදනය කරනවා නම් ඒ සදහා දිරි දීමනාවක් ලබා දීමට බලාපොරොත්තු වන බවත් එම ගොවීන්ගේ අස්වැන්න මිලදී ගැනීමේ වගකීම කෘෂිකර්ම අමාත්‍යංශය භාර ගන්නා බවත් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි. 

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ පසුගියදා අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති දේශීය ආහාර නිෂ්පාදන දිරිගැන්වීමේ සාකච්ජාවක් අමතමිනි. 

එහිදී අමාත්‍යවරයා මෙසේද පැවසී ය.

“කෘෂිකර්ම අමාත්‍යංශයේ මූලික අරමුණ ජනතාවට අවශ්‍ය සහල් ප්‍රමාණය ප්‍රමාණාත්මකව ලංකාව තුළ නිෂ්පාදනය කර ගැනීමයි.රට සහලින් ස්වයං පෝෂිත කිරීමටත්, රට තුළ වගා කළ හැකි සියලුම දෑ වගාකිරීමටත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මග පෙන්වීම මත කෘෂිකර්ම අමාත්‍යංශය කටයුතු කරනවා.“

රටේ ජනතාවගේ පරිභෝජනයට අවශ්‍ය සහල් රට තුළ නිෂ්පාදනය කිරීම සිදු වෙනවා දැන් එහි ගුණාත්මක බව වැඩි දියුණු කිරීමේ අවශ්‍යතාවයක් තිබෙනවා. ඒ සදහා ගුණාත්මක දේශිය සහල් ගොවීන් අතර ප්‍රචලිත කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශය කටයුතු කරනවා. ඒ වගේම හැකි සෑම විටම වගාවන් කාබනික පොහොර භාවිතයෙන් සිදු කරන ලෙසත් කන්න 3 කට යොමු විය හැකි නම් කන්න 3 ක් සදහා යොමු වී ආර්ථිකය ශක්තිමත් කර ගන්නා ලෙසත් අමාත්‍යවරයා මෙහිදී ගොවීන්ගෙන් ඉල්ලීමක් කළේය. 

“ගොවියාට දේශිය වී ප්‍රබේදයන්හී බිත්තර වී නොමිලේ ලබා දීමට අපි කටයුතු කරනවා. වගේම එම වී අස්වැන්න සදහා ඉහළ මිලක් ලබා දීමටත් බලාපොරොත්තු වෙනවා. මේ සදහා ගොවියාගේ පෙළඹිමක් ඇති විය යුතුයි.ගොවියාට ගොවිතැන ගැන කියා දිය යුතු නෑ. ගොවියා ගොවිතැන ගැන දන්නවා.නමුත් ක්‍රියාත්ම වීමේ ගැටලු තිබෙනවා. ගොවියා දෙපයින් නැගී සිටින පුද්ගලයකු බවට පත් කිරීම සදහා වගා කළ හැකි බිම් අගලක්ම වගා කරන්න බලාපොරොත්තු වෙනවා“ යැයි ද දුමින්ද දිසානායක අමාත්‍යවරයා පැවසී ය.

 

Rate this item
(0 votes)