May 06, 2024

ලංකාවට සැම්සුන්ග් තාක්ෂණ විද්‍යාගාරයක් 

November 20, 2015

නවීනතම සැම්සුන්ග් තාක්ෂණ විද්‍යාගාරයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීම සඳහා නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය සමග සැම්සුන්ග් ඉලෙක්ට්‍රොනික්ස් ශ්‍රී ලංකා ආයතනය අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා තිබේ.

සැම්සුන්ග් ශ්‍රී ලංකා ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ යොන්ග්මින් ෂින් සහ ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති, ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය ලයනල් පින්තු යන මහත්වරුන් විසින් මෙම ගිවිසුම අත්සන් කරන ලදී.

ඒ අනුව, මෙහි පළමු විද්‍යාගාරය වේයන්ගොඩ බණ්ඩාරනායක මාවතේ පිහිටි වෘත්තීය පුහුණු අධිකාරිය තුළ ස්ථාපිත කෙරෙන අතර, අනෙක් පුහුණු මධ්‍යස්ථානය ඉන් පසුව පිහිටුවීමට නියමිත බව වාර්තා වේ.

Rate this item
(0 votes)