May 06, 2024

නෙත් එෆ්.එම්. රේඩියෝව දස වැනි සංවත්සරය සමරයි

November 19, 2015

යහපත් සමාජයක් බිහි කිරීමත් එම සමාජයේ පවතින විවිධ දූෂණ, වංචා, අපචාර සහ සෙසු සමාජ විරෝධී ක‍්‍රියා මැඩලීම සහ අනාවරණය කිරීම උදෙසා කැපවූ වසර 10ක් ලෙස පසුගිය කාල සීමාව හදුන්වා දිය හැකි බව සිය 10 වැනි සංවත්සරය සමරමින් නෙත් එෆ්. රේඩියෝව සඳහන් කරයි. 

දස වසරක් අතුරින් වසර 9ක් අඛණ්ඩව පවත්වාගෙන ආ බැලුම්ගල වැඩසටහන අවස්ථා ගණනාවකදී මෙරට සම්මාන උළෙල රැසක සම්මානයට පාත‍්‍ර වූ විශිෂ්ඨ වැඩසටහනකි. 

එමෙන්ම දිවයින පුරා තෝරා ගත් පාසල් වල නායකත්ව පුහුණු කඳවුරු මාලාවක් පැවැත්වීමට නෙත් එෆ් එම් රේඩියෝව මුල් තැන ගෙන සිටියි. 

වසර 10ක් පුරා විශිෂ්ඨ වැඩසටහන් තුළින් ඔබට සමීප වූ නෙත් එෆ්.එම්. රේඩියෝව තවත් දිගු ගමනක් ඔබේ ආශීර්වාදයෙන් යාමට සූදානම් එම කාර්ය මණ්ඩලය පවසයි.

 

Rate this item
(0 votes)