May 06, 2024

නව බුලත් ප්‍රබේද 02 ක් සහ නව පුවත් ප්‍රබේදයක් 

November 19, 2015

නාරම්මලී හා නාරම්රතී නමින් නව බුලත් ප්‍රබේද 02 ක් සහ මාතලේ සිංහ නමින් නව පුවත් ප්‍රබේදයක් ඉකුත් 17 වැනි දා නාරම්මල දම්පැලැස්ස බුලත් පර්යේෂණායතනයේ දී, අමාත්‍ය දයා ගමගේ මහතා අතින් හඳුන්වා දුන්නේ ය.

දැනට අපනයනය කරන බුලත් සහ පුවක් ප්‍රබේදයන්ට අමතරව, මෙම හඳුන්වාදුන් නව ප්‍රබේද ඇසුරෙන් විශේෂ වෙළෙඳපොළක් විවෘත කර ගැනීමට අපේක්ෂා කෙරේ.

සෙන්ටිමීටර් 25 ක පළලකින් හා 19 ක දිගින් යුතු නාරම්මලී ප්‍රබේදයේ එක් බුලත් කොළයක් ග්‍රෑම් 08 ක පමණ බරකින් යුක්ත වේ. 1.2% ක තෙල් ප්‍රතිශතයකින් යුතු නාරම්මලී බුලත් ප්‍රබේදයේ ඉනි දහසක වගාවකින් වසරක දී බුලත් මිලියන 1.2 ක් පමණ අස්වනු ලෙස නෙලීමට හැකි ය. මෙම බුලත් කොළයක් සඳහා රුපියල් 04 ක ස්ථාවර මිලක් පවත්වාගෙන යා හැකි බව ද විශ්වාස කෙරේ.

එම නාරම්රතී ප්‍රබේදයේ එක් බුලත් කොළයක් සෙන්ටිමීටර් 26ක පළලකින් හා 17ක දිගකින් යුක්තවන අතර ග්‍රෑම් 08 ක පමණ බරකින් යුක්ත වේ. 1.1 %ක තෙල් ප්‍රතිශතයක් ඇති මෙහි ඉනි දහසක වගාවකින් අපේක්ෂා කරන අපනයනය කළ හැකි බුලත් කොළ සංඛ්‍යාව වසරක දී මිලියන 1.1කි.

මේ අතර, මාතලේ සිංහ නමින් හඳුන්වාදුන් නව පුවක් ප්‍රබේදය මගින් වසරක දී ගෙඩි 2,000ක් පමණ අස්වනු ලෙස ලබා ගැනීමට හැකි බව ද ජාතික බුලත් පර්යේෂණායතනය පවසයි. වෙළෙඳපොළ තුළ රුපියල් 10ත් 15ත් අතර මිලක් මෙම වර්ගයේ එක පුවක් ගෙඩියක් වෙනුවෙන් අපේක්ෂා කෙරේ.

 

Rate this item
(0 votes)