May 06, 2024

පුරන් කුඹුරු අස්වැද්දවීමට නව තාක්ෂණික ක‍්‍රම 

November 18, 2015

මහර ආසනයේ පුරන් වූ කුඹුරු අස්වැද්දීමේ සහ ඒ සඳහා නව තාක්ෂණික ක‍්‍රම හඳුන්වාදීමේ උත්සවයක් මහානගර සහ බස්නාහිර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් පසුගියදා ඇල්දෙණිය බටහිර වෙල්යායේ දී පැවැත් විය. 

පාරම්පරික වගා ක‍්‍රම පසෙකලා කෘෂි රසායනික ද්‍රව්‍ය උපයෝගී කර ගනිමන් කි‍්‍රයාත්මකවන කෘෂි කාර්මික රටාවන් හේතුවෙන් දිවයිනේ සෑම ප‍්‍රදේශයකම පාහේ ජනතාව ලෙඩ රෝගයන් සඳහා ගොදුරුවීමේ වැඩි ප‍්‍රවණතාවයක් ඇති මෙවන් යුගයක රජය මගින් කි‍්‍රයාවට නංවන වස විසවලින් තොර කාබනික පොහොර යොදමින් දේශීය වගාවන් සඳහා ජනතාව යොමු කිරීම කාලීන වශයෙන් වැදගත් වේ.

නවීන තාක්ෂණය භාවිත කරමින් වස විසවලින් තොර ආහාර නිෂ්පාදනය මගින් දේශය ස්වයං පෝෂිත කොට නීරෝගීමත් ජනතාවක් උදෙසා පරිසරය නිර්මාණය කිරීම මෙම ක‍්‍රමවේදය කි‍්‍රයාවට නැංවීම තුළින් බලාපොරොත්තු වේ. 

ඒ අනුව මහර ආසනය පුරා ඇති පුරන් වූ කුඹුරු අස්වැද්දීමත්, ඒවායෙහි ගොවි මහතුන් අතර දේශීය වී වර්ග ප‍්‍රචලිත කරමින් වැඩි අස්වැන්නක් ලබා ගැනීමට හැකි නවීන තාක්ෂණික ක‍්‍රමෝපායන් හඳුන්වාදීමත් මෙම වැඩසටහන තුළ දී සිදු කෙරේ. 

එහි ප‍්‍රථම පියවර ලෙස පුරන්ව තිබූ ඇල්දෙණිය බටහිර වෙල්යායෙහි දික් වී බීජය අස්වැද්දීම නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් සිදු කෙරුණි. 

 

Rate this item
(0 votes)