Toyota Aqua මෝටර් රථයේ කලින් තිබූ FOB අගය ජපන් යෙන් 2,377,962වන අතර එහි නව අගය ජපන් යෙන් 1895000 ක් වේ.
මුදල් අමාත්‍යංශය පසුගිය ඔක්තෝම්බර් මාසයේ සිදුකළ වාහන බද්දේ සංශෝධනය අනුව වාහන මිල සැළකිය යුතු අගයකින් ඉහළ ගොස් තිබිණ.
ඒ අනුව Toyota Aqua මෝටර් රථය ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ රුපියල් 770,000 කින් ඉහල ගිය ද දැන නව FOB අගය අනුව එම මෝටර් රථයේ වටිනාකම ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 05 කින් පමණ අඩු වෙයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලයේ වාහන ගෙන්වීම සඳහා මෙරට මෝටර් රථයක තක්සේරු වටිනාකම හෙවත් FOB අගය වාහනයේ වටිනාකම නොතකා වැඩි කරනු ලැබූව ද මෙම අවස්ථාවේ එම අගය වාහනයේ නියම වටිනාකමට ආසන්න අගයක් ගෙන ඇත.
පෙර තිබූ FOB අගයන් පහතින්,
පසුගිය කාලයේ ඉහළ නංවන ලද වාහන බද්ද පහතින්,