May 06, 2024

අමු මිරිස් කිලෝවක් රුපියල‍් 1000යි

November 16, 2015

මේ වනවිට දේශීය වෙළෙඳපොලේ පෙර කිසිදු නොවූ ලෙස අමු මිරිස් මිල ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.

මේ වනවිට අමු මිරිස් කිලෝවක් රුපියල‍් 1000-1200ත් අතර මිලකට අලෙවි වේ. ග‍්‍රෑම් 100කට සාමාන්‍යයෙන් අමු මිරිස් කරල් 10-12ත් අතර ප‍්‍රමාණයක් පමණක් අල්ලයි.

එළවළු, මිරිස්, සීනි සහ සහල් මිල අධික ලෙස ඉහළ යාම හේතුවෙන් පාරිභෝගිකයන් දැඩි දුෂ්කරතාවට පත් ව තිබෙන බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යපාරය සඳහන් කරයි.

අමු මිරිස් කිලෝවක මිල මේ වනවිට රුපියල් 10 දක්වා ඉහළ ගොස් තිබෙන බවත්, සම්බා සහල් කිලෝවක් රුපියල් 100 ත් 120 ත් අතර මුදලකට සහ සීනි කිලෝවක් රුපියල් 100 ඉක්මවා ගොස් තිබෙන බවද එම සංගමයේ සභාපති රංජිත් විතානගේ මහතා සඳහන් කරයි.

මීට අමතරව පහතරට සහ උඩරට ප්‍රදේශවල වගා කරන සෑම එළවළු කිලෝවකම මිල රුපියල් 250 ඉක්මවා ගොස් තිබෙන බවත්, මීට සති කිහිපයකට පෙර රුපියල් 60 ත් 65 ත් අතර මුදලකට අලෙවි වූ නාඩු සහල් සහ සුදු කැකුළු සහල් කිලෝවක මිලත් රුපියල් 80 ඉක්මවා තිබෙන බව ද පවසයි.

එළවළු මිල ඉහළ යාමට අමතරව ලොකු ලූනු සහ අර්තාපල් කිලෝවක මිල රුපියල් 175 ත් 200 ත් දක්වා ඉහළ ගොස් ඇති බවත් මෙලෙස භාණ්ඩ මිල ඉහළ යාම හරහා සාමාන්‍ය ජනතාවට තම දෛනික අවශ්‍යතාවයන් සපුරා ගැනීමට දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දෙන්නට සිදුවන බවත් රංජිත් විතානගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.

Rate this item
(0 votes)