May 03, 2024

කුරුඳු නිෂ්පාදකයින්ට රජයයෙන් පුහුණුව

November 14, 2015

කුරුඳු නිෂ්පාදනවලට ලෝක වෙළෙඳපොළ තුළ ඉහල ඉල්ලුමක් ඇති කිරීම අරමුණු කර ගනිමින් මෙරට කුරුඳු නිෂ්පාදකයින්ට තව දුරටත් ගුණාත්මක පුහුණුවක් ලබා දීමට කටයුතු කරන බව ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා පවසයි. 

එසේම කුරුඳු අපනයනකරුවන්ට තම නිෂ්පාදනයන්ට ලෝක වෙළෙඳපොළ තුළ වැඩි ඉල්ලුමක් ලබා ගත හැකි පරිදි රජයේ මැදිහත්වීමෙන් ප්‍රමිති සහතිකයක් ලබා දීමට ද කටයුතු කරන බව හෙතෙම පැවසී ය.

ඔහු මේ බව පැවසූවේ පසුගිය දා ගාල්ල, අක්මීමන ලබුදූවේ පිහිටි අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පැවති සාකච්ඡාවකට සහභාගී වෙමිනි. 

අපනයන කෘෂි බෝග සඳහා අගය එකතු කිරීම තුළින් එම බෝග මගින් ලබා ගැනීමට අපේක්ෂා කරන ආදායම, ප්‍රාථමික නිෂ්පාදනයන් අපනයනය කිරීමෙන් ලබා ගත හැකි ආදායමට වඩා ඉහළ අගයක්වන බව ද අමාත්‍යතුමා එහි දී අවධාරණය කළේ ය. 

Rate this item
(0 votes)