May 03, 2024

Alumex ප්‍රධාන ප‍්‍රදර්ශනාගාරය 'Lumin Concepts' නාවල දී 

November 13, 2015

ගෘහ නිර්මාණාත්මක සහ ඉදිකිරීම් කටයුතුවල දී භාවිතා කළ හැකි පරිදි ජනෙල් හා දොරවල් පද්ධති සඳහා උසස් තත්ත්වයේ, නිර්මාණශීලී ඇලුමිනියම් රාමු නිපදවන ප‍්‍රමුඛ පෙළේ සමාගමක්වන ඇලුමෙක්ස් (Alumex PLC) පසුගිය දා සිය ප‍්‍රධාන ප‍්‍රදර්ශනාගාරය ‘ලුමින් කන්සෙප්ට්ස්’ (Lumin Concepts) නමින් නාවල දී විවෘත කර තිබේ.

අංක 307, නාවල පාර, නාවල යන ලිපිනයේ පිහිටා ඇති මහල් තුනකින් යුත් මෙම ප‍්‍රදර්ශනාගාරය පාරිභෝගිකයන්ට ඇලුමෙක්ස් නිෂ්පාදන පෙළේ උසස් ප‍්‍රමිතිය, සුරක්ෂිතතාව, ක‍්‍රියාකාරීත්වය හා කල්පැවැත්ම ආදී සියල්ල එකම වහලක් යට දී සිත් සේ අත්විඳීමේ හැකියාව ලැබෙන පරිදි සැලසුම් කර ඇත.

බලපත‍්‍ර යටතේ ජාත්‍යන්තර සන්නාම 02 කට අයත් නිෂ්පාදන නිපදවන එකම සමාගමවන්නේ ඇලූමෙක්ස් සමාගමයි. ඉතාලියේ AluK Aluminium දොර හා ජනෙල් පද්ධති සහ නවසීලන්තයේ Fletcher දොර හා ජනෙල් පද්ධති මීට අයත්වන අතර සපුගස්කන්ද ප‍්‍රදේශයේ පිහිටි සමාගම සතු කර්මාන්ත ශාලාවේ දී මේවා නිපදවයි.

නිෂ්පාදනයේ දී සෑම විටම ජාත්‍යන්තර නිෂ්පාදකයන් පිළි ගන්නා නවීණතම තාක්ෂණය හා උසස්ම ප‍්‍රමිතිය භාවිතා කිරීමට එම සමාගම කටයුතු කරයි.

 

Rate this item
(0 votes)