May 03, 2024

පකිස්ථානු වානිජ ඇමති අගමැති හමුවෙයි

November 12, 2015

පකිස්ථානු වානිජ අමාත්‍ය කුරාම් ඩස්ට්ගිර් ඛාන් මහතා පසුගිය දා ශ්‍රී ලංකාවේ සංචාරයක නිතර වූ අතර එහි දී අලියගහ මන්දිරයේ දී අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමු විය.

දෙරට අතර නව වෙළෙඳ අවස්ථා හඳුනාගැනීමට කටයුතු කළ යුතු බව එහි දී වානිජ ඇමතිවරයා කියා සිටියේ ය. 

දැනට පවතින වෙළෙඳ රටාව විවිධාංගීකරණය කරමින් සම්ප්‍රදායික නොවන වෙළෙඳ භාණ්ඩ ආනයනය හා අපනයනය කෙරෙහි දෙරටෙහි අවධානය යොමුවීම වඩා වැදගත් බව ඒ මහතා මෙහි දී අවධාරණය කළේ ය.

 

Rate this item
(0 votes)