May 03, 2024

දුම්වැටි මිල වැඩි වෙද්දී සමාගමේත් රජයේත් ආදායම වැඩිවේ

November 09, 2015

ලංකා දුම්කොළ සමාගමේ 2015 වසරේ පළමු මාස 09 සඳහා මූල්‍ය වාර්තාව එළිදක්වා තිබේ.

එහි සඳහන්වන පරිදි 2015 පළමු මාස 09 තුළ දී සමාගම විසින් රජයට ගෙවා ඇති බදු ප්‍රමාණය රුපියල් බිලියන 68.6 ක් ලෙසින් වාර්තා වේ. 

මෙය පසුගිය වසරේ පළමු මාස 09 තුළ දී සමාගම විසින් රජයට ගෙවා ඇති බදු ප්‍රමාණයට වඩා 27% ක ඉහළ යාමකි.

මෙහි දී සමාගම විසින් වසරේ පළමු මාස 09 තුළ දී උපයා ඇති සම්පූර්ණ බදු ගෙවීමෙන් පසු ලාභය රුපියල් බිලියන 8.8 ක්වන අතර එය 2014 වසරේ පළමු මාස 09 තුළ දී සමාගම උපයන ලද බදු පසු ලාභය වූ රුපියල් බිලියන 6.6 හා සැසඳීමේ දී 33.33% ක වර්ධනයකි. අනෙක් අතට සමාගමේ ආදායම වර්තාවන්නේ මේ ලෙසට ය. 2014 පළමු මාස 09 ට රුපියල් බිලියන 64 ක දළ ආදායමක් ලැබූ ලංකා දුම්කොළ සමාගම 2015 පළමු මාස 09 ට රුපියල් බිලියන 82.79 ක දළ ආදායමක් ලබයි. එය 29% ක වර්ධනයකි.

අදාළ කාල පරිච්ඡේදය තුළ දී පාරිභෝගිකයින්ගේ බැහැර කළ හැකි ආදායම (disposable income) ඉහළ යාම සමාගමේ මෙකී කාර්යසාධනයට හේතු වී ඇති බව මේ සම්බන්ධයෙන් සමාගම පවසයි.

 

Rate this item
(0 votes)
Last modified on Monday, 09 November 2015 12:34