May 03, 2024

දීපාවලි වෙනුවෙන් වතු සේවකයින්ට ණයක් 

November 08, 2015

දැනට ලබා දෙන රුපියල් 6500ට අමතරව දීපාවලි උත්සවය වෙනුවෙන් වතු සේවකයින් සඳහා අමතර රුපියල් 3500 ක ණය මුදලක් ලබා දීමට රජය තීරණය කර තිබේ.

ඊට වැයවන සම්පූර්ණ මුදල වැවිලි සමාගම් වෙත ලබා දීමට කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී ඇති බව වැවිලි කර්මාන්ත අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

Rate this item
(0 votes)