May 03, 2024

තේ මිල පහත වැටීමට හේතු මෙන්න

ලෝක වෙළඳපොළේ ලාංකීය තේ ඉල්ලුම පහත යෑමට පිළියම් සෙවීම සඳහා පියවර ගත යුතු බව කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ හිටපු සභාපති නොඑල් කාරියවසම් මහතා පවසයි.

මීට පෙර ද තේ මිලෙහි සහ ඉල්ලුමෙහි උච්ඡාවචනයන් සිදු වූ බව හෙතෙම සඳහන් කරයි.

මේ සඳහා රජය අවධානය යොමු කළ යුතු බව ද නොඑල් කාරියවසම් මහතා පෙන්වා දෙයි.

තේ ඉල්ලුම අඩුවීමට මූලික හේතුව වී ඇත්තේ ජාත්‍යන්තර වෙළඳපොළේ තෙල් මිල පහත යෑම බව තේ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් අනුර සිරිවර්ධන මහතා පවසයි.

එමෙන්ම අපනයනය කරන තේ වල ප්‍රමිතිය ද ඉල්ලුමට බලපාන බව අනුර සිරිවර්ධන මහතා පෙන්වා දෙයි.

Rate this item
(0 votes)
Last modified on Saturday, 17 October 2015 14:34