May 03, 2024

කොරියානු රැකියා පුහුණු මධ්‍යස්ථානයක්

කොරියාවේ රැකියා සඳහා යන ශ්‍රී ලාංකිකයන් පුහුණු කිරීම වෙනුවෙන් විධිමත් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකාවට ලබාදීමට කොරියානු ආයෝජකයන් පිරිසක් එකඟත්වය පළ කර තිබේ.

කොරියානු ආයෝජකයන් පිරිසක් නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා හමු වූ අවස්ථාවේ දී මේ බව පොරොන්දු වී ඇත. මෙම හමුව පසුගිය දා නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යංශයේ දී සිදු විය. 

එහි දී ඔවුන් ඇමැතිවරයා වෙත දැනුම් දුන්නේ ශ්‍රී ලංකාවේ වෘත්තීය පුහුණු පහසුකම් ඇති කිරීම සඳහා කොරියානු රජයෙන් ලබාදෙන මූල්‍ය පහසුකම් මත ඉදිකිරීමට යෝජිත එම මධ්‍යස්ථානයේ දී කොරියානු රැකියා සඳහා යන තරුණ තරුණියන් හට නව තාක්ෂණික දැනුම සහිත නේවාසික පුහුණුවක් ලබාදිය හැකි බවයි.

Rate this item
(0 votes)