May 03, 2024

ජර්මනියේ තනාපතිගෙන් කෘෂිකර්ම ඇමතිට විශේෂ ආරාධනයක්

ජර්මනියේ තනාපති සහ කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අතර විශේෂ හමුවක් ඉකුත් 14 වැනි දා බත්තරමුල්ල ගොවිජන මන්දිරයේ දී පැවැත් විය.

ජර්මනියේ බර්ලින් නුවර 08 වැනි වරට පවත්වන "ආහාර හා කෘෂිකර්මාන්තය සඳහා වූ ගෝලීය සමුළුවට" සහභාගීවන ලෙස තානාපතිවරයා අමාත්‍යවරයා වෙත ඇරයුම් කර තිබේ.

2009 වසරේ සිට පැවැත්වෙන මෙම ජාත්‍යන්තර සමුළුව සඳහා ලෝකයේ සෑම රටකම කෘෂිකර්ම අමාත්‍යවරු සහභාගී වෙති. 2016 දී ජනවාරී 14 සිට 16 දක්වා පැවැත්වෙන එම සමුළුවේ දී කාෂිකර්මාන්තය සහ නාගරීකරණය පිළිබඳ ප‍්‍රධාන වශයෙන් සාකච්ඡාවට බඳුන්වීමට නියමිත ය. 

නාගරික වාසස්ථාන සඳහා නිවාස, ජලය, බලශක්තිය, අධ්‍යාපනය, සෞඛ්‍ය ආදී පහසුකම් සැලසීම, ආහාර සුරක්ෂිතතාවය ඇති කිරීම වැනි කරුණු පිළිබඳව ද මෙහි දී අවධානය යොමු වේ. වේගයෙන් ඉහළ යන ජනගහනය සමග ආහාර සුරක්ෂිතතාවය සඳහා අවශ්‍ය පියවර ගැනීම මෙම ජාත්‍යන්තර සමුළුව අනඟි අවස්ථාවක්වනු ඇත.

 

Rate this item
(0 votes)