May 03, 2024

සැප්තැම්බර් මාසයේ වාහන ලියාපදිංචිය ඉහළට 

ඉකුත් සැප්තැම්බර් මාසයේ මෙරට වාහන ලියාපදිංචිය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ.

සැප්තැම්බර් මාසයේ සියලු වර්ගයේ වාහන 14, 301 ක් ලියාපදිංචි කර ඇති අතර එය 2014 වසරේ සැප්තැම්බර් මාසය හා සසඳන විට 400% ක වර්ධනයකි. 

අගෝස්තු මාසය හා සසඳන විට ද සැප්තැම්බරයේ වාහන ලියාපදිංචිය 57% කින් ඉහළ ගොස් තිබේ.

විශේෂයෙන් අලුත් මෝටර් රථ ලියාපදිංචිය ද සැප්තැම්බර් මාසයේ ඉහළ ගොස් ඇති අතර 2014 වසරේ සැප්තැම්බර් මාසය හා සසඳන විට එය 940% ක වර්ධනයක් ලෙස සැළකිය හැකි ය.

Rate this item
(0 votes)