May 03, 2024

පොල් පැළ ලක්ෂයක් බෙදාදීම ඇරඹේ

මෙරට පරිභෝජනයට ප්‍රමාණවත් පරිදි නිෂ්පාදනය ඉහළ නංවමින් ඉදිරියේ දී පොල් තෙල් අපනයනය කිරීම සම්බන්ධයෙන් ද අවධානය යොමු ව ඇති බව ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා පවසයි.

මෙරට පොල් තෙල් නිෂ්පාදනය පරිභෝජණ අවශ්‍යතාවට ප්‍රමාණවත් නොවන බැවින් විදේශයන්ගෙන් මෙට්‍රික් ටොන් 20,000 ත් 40,000 අතර ප්‍රමාණයක් එළවළු තෙල් ආදේශක ලෙස මෙරටට ආනයනය කරමින් සිටී.

ප්‍රධාන අපනයන බෝගයක්වන පොල් ආශ්‍රිත කර්මාන්තය තව දුරටත් දියුණු කරමින් රටට විශාල ආදායමක් ලබා දිය හැකි තත්ත්වයට යළි එම කර්මාන්තය උසස් කිරීම රජයේ අරමුණ ය. 

 'කප්රුකෙන් රඹකැන්ඔයට අපමණ අගයක්' වැඩසටහනට යටතේ මහඔය මහඔය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සෑම පවුලකටම පැළ 05 බැගින්, පොල් පැළ ලක්ෂයක් බෙදා දීම පසුගිය දා සිදු විය.

Rate this item
(0 votes)