May 03, 2024

ශ්‍රී ලංකාවේ සංවර්ධනයට චීනයේ සහාය 

ශ්‍රී ලංකාවේ සංවර්ධනයට සියලු සහාය ලබාදීමට සූදානම් බව චීනය ප්‍රකාශ කරයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග පැවති සාකච්ඡාවක දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් චීනය පත් කළ විශේෂ නියෝජිත එරට උප විදේශ අමාත්‍ය ලියු ෂෙන්මින් මේ බව ප්‍රකාශ කළේ ය.

ජනාධිපති කාර්යාලයේ පැවැති එම හමුවේ දී ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ දී චීනය ශ්‍රී ලංකාවට දැක් වූ සහය පිළිබඳ ප්‍රශංසා කර තිබේ. 

ශ්‍රී ලංකාව දකුණු ආසියාතික කලාපයේ අතිශය වැදගත් රටක් ලෙස චීනය සලකන බව චීන නියෝජිතයා සඳහන් කර ඇත.

 

Rate this item
(0 votes)