May 03, 2024

විදුලි පේනු, කෙවිනි සඳහා ප්‍රමිතියක්

වෙළෙඳපොලේ අලෙවිය සඳහා පවතින විදුලි පේනු සහ කෙවිනි සඳහා මහජන උපයෝගිතා කොමිසම නව ප්‍රමිතියක් හඳුන්වා දී තිබේ.

ගුණාත්මකභාවයෙන් අඩු පේනු සහ කෙවිනි හේතුවෙන් විදුලිසැර වැදීමෙන් සිදුවන මරණ ඉහළ යාම අවම කර ගැනීම මෙහි අරමුණ බව එම කොමිසන් සභාව සඳහන් කරයි.

නව ප්‍රමිතිය ඇතුළත් සැලැස්ම මහජන උපයෝගිතා කොමිසම සිය වෙබ් අඩවි ඔස්සේ මේ වනවිට ප්‍රසිද්ධ කර තිබේ.

මේ සම්බන්ධයෙන් මහජන අදහස් විමසීමට ද එම කොමිසම තීරණය කර ඇති අතර මේ මස 21 වැනිදාට පෙර අදාළ යෝජනා ලිඛිතව දැනුම් දෙන ලෙස මහජන උපයෝගිතා කොමිසම සඳහන් කරයි.

 

Rate this item
(0 votes)