May 03, 2024

කොරියානු රැකියා ගිවිසුමට අත්සන් තබයි

කොරියානු රැකියා සඳහා රජය සහ දකුණු කොරියාවේ කම්කරු අමාත්‍යාංශය අතර වාර්ෂිකව අත්සන් කරනු ලබන අවබෝධතා ගිවිසුමට පසුගිය දා අත්සන් කර තිබේ.

විදේශ රැකියා ඇමතිනී තලතා අතුකෝරළ මහත්මිය සහ කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනයේ මෙරට අධ්‍යක්ෂ ජියෝන් හෝ ලින් මෙම ගිවිසුමට අත්සන් කළ බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

මෙරට ශ්‍රමිකයින් 28,000ක් පමණ කොරියාවේ සේවය කරන අතර මෙම වසරේ මුල් මාස 09 තුළ එරට රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් 5,599 දෙනෙකු පමණ පිටත්ව ගොස් තිබේ.

 

Rate this item
(0 votes)