May 07, 2024

කටුනායක ගුවන්තොටුපොල සංවර්ධනයට ජපානයෙන් ආධාර 

කටුනායක ගුවන්තොටුපොල පුළුල් හා සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය සඳහා ආධාර සහ සහය දැක්වීම සඳහා වූ ගිවිසුමට ඉකුත් 06 වැනි දා ජපානයේ තෝකියෝ නුවර දී අත්සන් තැබූ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

ජපාන අග්‍රාමාත්‍ය ෂින්සො අබේ සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන් ඉදිරියේ මෙම ගිවිසුමට අත්සන් තැබ්වේ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කෙනිචි සුගනුමා සහ ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය දම්මික ගංගනාත් දිසානායක යන මහත්වරුන් විසිනි.

මෙම ගිවිසුමට අනුව කටුනායක ගුවන්තොටුපොල පුළුල් හා සංවර්ධනය කරලීම සඳහා ජපාන රජය යෙන් බිලියන 45 ක (රපියල් බිලියන 53.65) මුදලක් වැය කරනු ඇත.

 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 07 October 2015 17:21