May 07, 2024

මිළ පහළ යාමෙන් කුඩා තේ වතු හිමියන්ට දැඩි අපහසුතාවක්

ජනවාරි ,පෙබරවාරි මාස වලට සාපෙක්ෂ තේ දළු මිල මේ වන විට 50% න් පමණ පහ‍ළ ගොස් ඇති බව කුඩා තේවතු හිමියන් පවසති.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන තේ වෙළඳපොළවල් වන රුසියාව හා මැදපෙරදිග කලා‍පවල පවතින ගැටලු හේතුවෙන් ඉල්ලුම පහළයාමෙන් පසුගිය ජුලි මාසය දක්වාවූ මාස 12 ක් තිස්සේ අඛණ්ඩව තේ මිල මෙන්ම අපනයන ආදායම් ද පහළ යමින් පැවතීම මීට හේතුවයි.

ලක්ෂ 30 කට වැඩි සංඛ්‍යාවක් සෘජු හා වක්‍ර රැකියාවල නිරතව ඇති කුඩා තේ වතු ක්ෂේත්‍රය  දැඩි අර්බුදයකට මුහුණදී සිටියි.

තේ වෙන්දේසියේ මිල පහළයාමට සාපෙක්ෂව අමු තේ දළු 1 kg ක් සඳහා ඔවුන්ට හිමිවූ මුදල ද ශීඝ්‍රයෙන් පහත වැටි ඇති අතර ජනවාරි, ‍පෙබරවාරි තේ මිල රුපියල් 80 ක්ව තිබිණ.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 07 October 2015 08:08