May 07, 2024

සම්පත් බැංකුවෙන් ණයකර නිකුතුවක් 

ණයකර නිකුතුවක් මගින් රුපියල් බිලියන 07 ක මුදලක් රැස්කර ගැනීමට මෙරට ප්‍රමුඛතම වාණිජ බැංකුවක්වන සම්පත් බැංකුව සූදානම් වේ.

ඒ අනුව එකක් රුපියල් 100 ක් බැගින්වන ණයකර මිලියන 50 ක් නිකුත් කිරීමට සම්පත් බැංකුව සැලසුම් කර ඇති අතර නිකුතුවට අධි ඉල්ලුමක් ඇතිවන්නේ නම් තවත් ණයකර මිලියන 20 ක් නිකුත් කරනු ඇත.

බැංකුව විසින් පසුගිය වසර දෙක තුළ දී ණයකර නිකුතු දෙකක් තුළින් රුපියල් බිලියන 11 ක මුදලක් රැස් කරගෙන තිබේ.

 

Rate this item
(0 votes)