May 07, 2024

තේ ඵලදාව ඉහළ නැංවීමේ වැඩ සටහනක්

කළුතර දිස්ත‍්‍රික් කෘෂිකර්ම කමිටුවේ මග පෙන්වීම හා අධීක්ෂණය යටතේ කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය හා තේ පර්යේෂණ මණ්ඩලය එක්ව කළුතර දිස්ත‍්‍රික්කයේ තේ ඵලදාව ඉහළ නැංවිමේ කෙටිකාලීන හා දිගුකාලින වැඩ සටහනක්  ආරම්භ කර ඇත.  

නිරිත දිග තෙත් කලාපයේ තේ වගා කරන ප‍්‍රධානම දිස්ත‍්‍රික්කයවන්නේ කළුතරයි. මෙහි තේ වගාව හෙක්ටර්යාර් 9,000 කට වඩා වැඩි භූමි ප‍්‍රමාණයක ව්‍යාප්ත වී තිබේ. දිස්ත‍්‍රික්කයේ වාර්ෂික තේ නිෂ්පාදනය කි.ග‍්‍රෑම් 1,82,22,195 වන අතර මෙය ජාතික නිෂ්පාදිතයෙන් 5.39% කි.

වාර්ෂිකව හෙක්ටයාර 200 ක් පමණ නව වගාව හා අලුත් වගාව වශයෙන් තේ වගාවට එක්වන අතර නව තේ වගාකරුවන්ට සහනාධාර වශයෙන් රජය වැයකරන මුදල රු මිලියන 80 කි. කළුතර කුඩා තේ වගාකරුවන්  පමණක් හතලිස් දහසක් 40000 ක් සිටිති. රුපියල් 80 තේ සහතික මිල යටතේ ජූලි මස වනවිට රුපියල් මිලියන 835 ක මුදල රජය විසින් තේ වගා කරුවන් සදහා ලබා දී ඇත. තේ වගාව සදහා රජය මෙතරම් විශාල මුදලක් වැය කරනු ලැබුවත් කරුණු කිහිපයක් නිසා සාර්ථක අස්වැන්නක්  ලබා ගැනිමට නොහැකි වී ඇත. 

සාමාන්‍යයෙන් සාර්ථක තේ වගාවකින් අක්කරයකට තේ දළු කිලෝ ග‍්‍රෑම් 800 ක් පමණ ලබාගත හැකිවන අතර කළුතර මෙය කිලෝ ග‍්‍රෑම් 300-400 ක් අතර අගයක පවති. මේ සඳහා බලපා ඇති බාධා පිළිබඳ මේ වනවිට හඳුනාගෙන ඇති අතර මෙම බාධක ඉවත් කිරිම සඳහා මෙම කෙටිකාලීන හා දිගුකාලීන වැඩසටහන් ක‍්‍රියාත්මක කරයි.

මේ යටතේ :- 

1. ඉහළ ප‍්‍රමිතියෙන් යුක්ත තේ පැල නිෂ්පාදනය ඉහළ නැංවීමට කටයුතු කිරීම.

2. තේ වගාව යාන්ත‍්‍රීකරණයට ලක් කිරීම

3. පස සංරක්ෂණය හා පෝෂණ වැඩ සටහනක් ක‍්‍රියාත්මක කිරීම

4. තේ ව්‍යාප්ත නිලධාරින්ගේ හිඟය පියවීමට කටයුතු කිරීම

 

Rate this item
(1 Vote)