April 26, 2024

ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රගතිය ගැන කතා කරයි

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතිය මෙන් ම මුල්‍ය අරමුදලේ ආධාරවලින් සිදු කෙරෙන සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය සාකච්ඡාවට භාජනය කෙරෙන හමුවක් පසුගිය දා මුදල් ආත්‍යාංශයේ දී සිදු විය.

එහි දී ජාත්‍යන්තර මුල්‍ය සහයෝගීතාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය සරත් අමුණුගම මහතා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (IMF) නියෝජිත පිරිසක් හමු වී සාකච්ඡා කර තිබේ.

එම නියෝජිත පිරිසේ ප්‍රධානත්වය මුල්‍ය අරමුදලේ ටොඩ් ස්නයිඩර් මහතා ගෙන කටයුතු කළ අතර ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා නියෝජිත ආචාර්ය ඉටෙරි ක්වින්ට්‍රැඩ්සේ ඇතුළු පිරිසක් සහභාගී වූහ.

Rate this item
(0 votes)