May 07, 2024

කුඩා තේ ඉඩම්වල පාංශු හා ජල සංරක්ෂණයට ආධාර දෙවැනි අදියර ඇරඹේ

බද්දේගම මැතිවරණ කොට්ඨාසයේ යක්කලමුල්ල ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ කොට්ටව ග්‍රාමයේ කුඩා තේ වතු හිමියන්ට පාංශු හා ජල සංරක්ෂණයට අධාර මුදල් ලබාදීමේ තවත් උත්සවයක් ඊයේ (02) ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධනත්වයෙන් පැවැත් විය.

ශ්‍රී ලංකා ආර්ථිකයට විශාල ශක්තියක් ලබාදෙන තේ නිෂ්පාදනයේ 73%ක නිෂ්පාදනයක් ලබා දෙන්නේ කුඩා තේ වතු හිමියන් බව එහි දී අවධාරණය විය.

අද පවතින තේ මිල පහත වැටීමේ ප්‍රශ්නයත් ලබාදෙන පොහොර නිසි ප්‍රමිතියෙන් ලබාදීමට අවශ්‍ය පියවර ගැනීමට උපදෙස් දෙන බව එහි දී අමාත්‍යවරයා සඳහන් කළේ ය.

Rate this item
(0 votes)