May 08, 2024

මාතලේ ගෙවතු වගා වැඩසටහන 05 වැනි දා ඇරඹේ

මාතලේ දිස්ත්‍රික්කයේ ගෙවතු වගාව සහ රුක් රෝපණ වැඩසටහනක් කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතාගේ ප්‍රධානත්වයෙන් ඔක්තෝබර් 05 වැනි දා පෙරවරු 09.30 ට මාතලේ ප්‍රාදේශිය ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී ආරම්භ වේ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මකවන දේශිය නිෂ්පාදනය දෙගුණ කිරිමේ වැඩපිළිවෙලට සමගාමීව ක්‍රියාත්මක මෙම වැඩසටහන යටතේ දිස්ත්‍රික්කයේ රජයේ කාර්යාලවල ,රජයේ සේවකයින්ගේ නිල නිවාසවල, සහ පුද්ගලික ඉඩම්වල ගෙවතු වගාව ක්‍රියාත්මක කිරිමට නියමිතයි.

මෙහි සමාරම්භක දිනය දා තැන්න ගොවිජන සේවා මධ්‍යස්ථානයේ රුක් රෝපණ වැඩසටහනක් ද ක්‍රියාත්මක කෙරේ. 

දිස්ත්‍රික් ලේකම් නීල් ද අල්විස් මහතාගේ උපදෙස් පරිදි මෙම වැඩසටහනට ක්‍රියාත්මකවන අතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව , කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, සුළු අපනයන බෝග දෙපාර්තමේන්තුව, හදබිම අධිකාරිය යන ආයතනවල දායකත්වය ලබා ගැනේ.

 

Rate this item
(0 votes)