May 08, 2024

රෝතෝ ලාංකික රූපලාවන්ය වෙළඳපොළේ ඉදිරියටම

ලොව වැඩියෙන්ම අළෙවිවන අක්ෂි ආරක්ෂක ඖෂධ වෙළෙඳ නාමය ලෙස ගිනස් වාර්තා පිහිටුවමින් ලොව පුරා පාරිභෝගිකයන්ගේ හද දිනූ රොතෝ, මෙරට වෙළෙඳපොළේ තම අභිමානවත් දෙවන වසරට පා තබා තිබේ. 

සීමාසහිත ඒ. බවර් සහ සමාගම සමග සම්බන්ධ වෙමින් මෙරට වෙළෙඳපොළට, සමෙහි ගල්වනු ලබන ආලේපන සඳහා ජපානයේ ඉමහත් කීර්තියක් අත් කරගෙන ඇති රොතෝ වෙළෙඳ නාමය, පිවිසුනේ 2013 වසරේ දී ය. 

කාන්තා හා පිරිමි දෙපාර්ශවයම සඳහා උසස්ම තත්ත්වයේ මෙන්තොලේටම් ලිපයිස් තොල් ආලේපන, මෙන්තොලේටම් ඇක්නිස් කුරුලෑ මර්ධනය කරන ඖෂධීය ආලේපන වර්ගය සහ ඔක්සි ෆේස් වොෂ් නමින් නිශ්පාදන ත්‍රිත්වයක් සමගින් ඇරඹි ගමන මේ වනවිට ඉතා සාර්ථක අන්දමින් සිදු කරගෙන යාමට රොතෝ හට හැකි වී තිබේ.

ලොව පුරා රටවල් රැසක පාරිභෝගිකයන්ගේ හද දිනූ රොතෝ ෆාමසියුටිකල් කම්පනි ලිමිටඩ්, ජපානයේ විශාලතම ඖෂධ ව්‍යාපාරිකයකු ද වේ. 

ඔවුන් විසින් නිපදවන ලද සිවි කාච සඳහා භාවිතා කරන අයි ඩ්‍රොප්ස් හැර අනෙකුත් අක්ෂි ආරක්ෂක ඖෂධවලින් ලද ආදායම 2012 වසරේ දී යෙන් බිලියන 24.91ක අගයක් ගත් අතර එය ගිනස් වාර්තාවක් ලෙස සනිටුහන් විය.  

රොතෝ ඔවුන්ගේ ප්‍රථම අයි ඩ්‍රොප් එක 1909 දී එළි දක්වන ලද අතර මේ වනවිට ඔවුන් රටවල් 14 ක තම අයි ඩ්‍රොප්ස් සහ අක්ෂි ආලේපන අළෙවි කරයි.

මෙරට වෙළෙඳපොළේ ඇති උසස්ම තොල් ආලේපන වර්ගයක්වන මෙන්තොලේටම් ලිප් අයීස් තොල් ආලේපන පෙළ යටතේ ලිපයිස් ශියර් කලර්, ලිපයිස් නැචුරල් සහ ලිපයිස් ස්ට්‍රෝබෙරි නමින් තවත් වර්ග 03 ක තොල් ආලේපන මෙරට දී මිළ දී ගත හැකි ය. 

වසර 117 කට වැඩි අත්දැකීම් සම්භාරයක් සමග ලොවපුරා රටවල් 130 කට වැඩි ප්‍රමාණයක තම ජය කෙහෙළි නැංවූ රොතෝ, මෙරට පාරිභෝගිකයන්ගේ ද නොමඳ ආදරයට පාත්‍ර වී තිබේ. 

 

Rate this item
(0 votes)