May 07, 2024

"COOP සුවදරු” ළමා රක්‍ෂණ සැලසුම රක්‍ෂණ වෙළෙඳපළට

September 30, 2015

මෙරට රක්‍ෂණ වෙළෙඳපළ තුළ තෙවැනි විශාලතම සේවා ජාලයට හිමිකම් කියන සමුපකාර රක්‍ෂණ සමාගම දැයේ හෙට දවස භාරගනු ලබන දු පුතුන් වෙනුවෙන් හඳුන්වා දී ඇති නවතම රක්‍ෂණ සැලසුම  "COOP සුවදරු” නිල වශයෙන් එලි දැක්වීම පසුගිය දා එහි සාමාන්‍යාධිකාරී (අලෙවි) මොහාන් කරුණාරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් සමාගමේ ප‍්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි. 

“දරුවන් හෙට දින විරුවන් ” යන තේමාව ඔස්සේ හදුන්වා දී ඇති මෙම රක්‍ෂණ සැලසුම හරහා සුවිශේෂී ප‍්‍රතිලාභ ගණනාවක් ඉතා සහනදායී වාරිකයක් යටතේ ලබා ගැනීමේ අවස්ථාව සිය ගනුදෙනුකරුවන්ට උදා කර දී ඇත. 

එම අවස්ථාවට සහභාගී වෙමින් සමාගමේ සාමාන්‍යාධිකාරී (අලෙවි) මොහාන් කරුණාරත්න මහතා පැවසුවේ  “දෙමව්පියන්ගේ සෑම උත්සහයක්ම දරුවන් වෙනුවෙන් නිසා මෙවන් රක්‍ෂණ සැලසුමක් තුළින් එම උත්සාහයට ඵලදායී අත්වැලක් ලබා දීමට අපේක්‍ෂා කරන බවයි.” 

මෙම සැලසුම හරහා දරුවන්ගේ ශල්‍යකර්ම සඳහා වූ වියදම් ඇතුලු විවිධ වෛද්‍ය හා ශල්‍යවියදම් ආවරණය කරගත හැකි අතර ඒ වෙනුවෙන් වර්ෂයටම අයකරනුයේ රු.1,500 ක් පමණක් වීම එහි ඇති සුවිශේෂීත්වයයි. 

 

Rate this item
(0 votes)