May 07, 2024

ගම් මට්ටමින් අධි තාක්ෂණික කෘෂිකාර්මික කලාප 

September 30, 2015

ගම් මට්ටමින් අධි තාක්ෂණික කෘෂිකාර්මික කලාප ඇති කර ගෙවත්ත අපනයන වෙළඳපලට විවෘත කරන බවත් රටේ අපනයන ආදායම දෙගුණ කිරිම සඳහා කුළුබඩු ආශ්‍රිත නිෂ්පාදනවල දායකත්වය ලබා ගැනිමට කටයුතු කරන බවත් ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසූවේ පසුගිය දා මාතලේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සංචාරයකට එක් වෙමිනි. 

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නව අමාත්‍යාංශයක් ලෙස ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය හදුන්වා දෙමින් තමාට එම අමාත්‍යාංශ භාර දිම තුළින් බලාපොරොත්තු වන්නේ මේ රටේ නිෂ්පාදනය වැඩි කොට අපනයන ආදායම ඉහල නංවා ස්වංපෝෂිත ආර්ථිකයක් කරා ගෙන යාම බවත් ඒ සඳහා පවතින නිෂ්පාදනය දෙගුණ කිරිමට කටයුතු කළ යුතු බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය. 

“ඉදිරි වසර 05 තුළ මත්තල ගුවන් තොටුපලින් යන ගුවන් යානා අපේ නිෂ්පාදනවලින් පුරවා යැවිමට අපි කටයුතු කළ යුතුයි. ඒ සඳහා තිබෙන සම්පත් උපරිම කාර්යක්ෂමතාවයෙන් යොදා ගතයුතු අතර  නිලධාරින් වන ඔබට අවශ්‍ය දැනුම ඔබ සතුව පවතිනවා.“ තවදුරටත් අදහස් දක්වමින් දයා ගමගේ මහතා පැවසීය.

 

Rate this item
(0 votes)