May 08, 2024

ශ්‍රී ලංකන් සහ මිහින් ලංකා වෙතින් නව ව්‍යාපාරික සැලසුම්

September 28, 2015

ශ්‍රී ලංකන් සහ මිහින් ලංකා ගුවන් සමාගම් විසින් නවතම ව්‍යාපාරික සැලසුම් ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින බව වාර්තා වේ.

මුදල් අමාත්‍යංශය නිකුත් කර තිබෙන 2015 මධ්‍ය වාර්ෂික පිස්කල් තත්ත්ව වාර්තාවෙන් (Mid-Year Fiscal Position Report 2015) අනාවරණයවන්නේ ශ්‍රී ලංකන් සහ මිහින් ලංකා ගුවන් සමාගම් සඳහා පරිපූර්ණ වූ ව්‍යාපාරික සැලසුම් සකස් කිරීමට රජය තීරණය කර ඇති බවත් මෙම ගුවන් සමාගම් දෙක ඉදිරියේ දී ඒකාබද්ධ කරන බවත් ය.

ඒ අනුව, මෙම ගුවන් සමාගම් දෙකම අදාළ ව්‍යාපාරික සැලසුම් සකස් කරමින් සිටින බව වාර්තා වේ.

මේ අතර, 2015 මුල් මාස 04 තුළ දී ශ්‍රී ලංකන් ගුවන් සමාගම රුපියල් බිලියන 4.9 ක පාඩුවක් වාර්තා කර තිබෙන අතර එහි සමස්ත පාඩුව මේ නිසා රුපියල් බිලියන 130.9 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

2015 මුල් මාස හතර තුළ දී ශ්‍රී ලංකන් රුපියල් බිලියන 39.6 ක ආදායමක් වාර්තා කර තිබෙන අතර එහි වියදම රුපියල් බිලියන 44.9 කි.

Rate this item
(0 votes)