May 07, 2024

විදුලි මෝටර් රථ 1969ක් ලියාපදිංචි කරයි

September 26, 2015

2015 වසරේ ගත වූ කාල සීමාව තුළ විදුලි මෝටර් රථ 1969 ක් ලියාපදිංචි කර ඇතැයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ඒ.එච්.කේ. ජගත් චන්ද්‍රසිරි මහතා පවසයි.

එය විදුලි මෝටර් රථ සඳහා ජනතාවගේ නැඹුරුව පෙන්වන කරුණක් බව ද ඔහු සඳහන් කළේ ය.

මේ වසරේ ගත වූ කාල සීමාව තුළ ලියාපදිංචි කර ඇති සමස්ථ වාහන ලියාපදිංචිය 427,808 ක් බවත් එය ඉකුතු වසරේ ගත වූ මාස 12 දී ලියාපදිංචි කර තිබූ වාහන ප්‍රමාණය ඉක්මවා යාමක් බව ද ඔහු පැවසී ය.

ඒ අනුව මේ වසරේ දී සමස්ථ වාහන ලියාපදිංචිය ලක්ෂ 05 ඉක්මනු ඇතැයි ද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය.

Rate this item
(0 votes)