May 07, 2024

වර්ෂාව ඉල්ලා වව්නියාවේ ගොවීන් කන්නලව්වක 

September 23, 2015

පැරණි සම්ප්‍රදායන්ට මුල් තැන දෙමින් මෙවර මහ කන්නය වෙනුවෙන් වව්නියාවේ ගොවිතැනින් සාර්ථක අස්වැන්නක් ලැබීමට වර්ෂාව ලැබී වැව්වලට ජලය එක්රැස් වේවා යන ප්‍රාර්තනයෙන් වව්නියාවේ ගොවීන් මේ දිනවල විවිධ වූ ආගමික ඇදහිලි සිදු කරයි.

මේ අතර වව්නියාවේ කුඩාකච්චකොඩි ගම්වාසීන් විසින් කුඩාකච්චකොඩිය වැව පාමුල පුල්ලෙයාර දෙවියන්ට කන්නලව් කරමින් කිරිබත් කැවුම් පිස දේව පූජාවක් පවත්වනු ලැබුවේ මෙවර මහ කන්නයේ ගොවිතැන සාර්ථකවීම පිණිස වර්ෂාව ලැබේවා යන ප්‍රාර්ථනයෙනි.

මේ මස ආරම්භයේ දී වායුගෝලයේ කැලඹීම හේතුවෙන් උතුරු පළාතට වර්ෂාව ඇදහැලුන ද මේ වනවිට එම වර්ෂාව සම්පූර්ණයෙන්ම නැවතී ඇති අතර ප්‍රදේශයන්හි පිහිටි වැව්වල ජලය මහ කන්නයේ සීසෑම් කටයුතු සඳහා ද ප්‍රමාණවත් නොවන බවට වව්නියාවේ ගොවීහු කියා සිටිති.

කෙසේ වුව ද මේ මස අවසානයේ දී මහ කන්නය වෙනුවෙන් ලැබිය යුතු මෝසම් වර්ෂාව ලැබිය යුතු බවටත් එසේ නොවන්නට පසුගිය වර්ෂයේ මෙන් මහකන්නයේ ගොවිතැන් කටයුතු ප්‍රමාද වන බවට ද වව්නියාවේ ගොවීහු කියා සිටිති.

වන්නි රොමේෂ් මධුෂංඛ

Rate this item
(0 votes)
Last modified on Tuesday, 22 September 2015 14:02